Swipe left or right to navigate stories
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වැසි නිසා ඉහළ කොත්මලේ වාන් දොරටු ඇරේ

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වැසි නිසා ඉහළ කොත්මලේ වාන් දොරටු ඇරේ

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන දැඩි වර්ෂාපතනයත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, එහි වාන් දොරටු දෙකක් අද (21) දිනයේ විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ.

මෙලෙස වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ජලාශයට පහළින් පිහිටි කොත්මලාඔයේ ජල මට්ටමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.



පහත් බිම්වාසීන්ට සහ සංචාරකයන්ට දැඩි අවවාදයක්

ඉදිරියේදීත් අදාළ ප්‍රදේශවලට තද වැසි ඇදහැලුණහොත් ජලාශයේ ඉතිරි වාන් දොරටුද ස්වයංක්‍රීයවම විවෘත වීමේ හැකියාවක් පවතින බව ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස ජීවත්වන ජනතාව මෙන්ම, එම ප්‍රදේශයේ සංචාරයේ නිරතවන පිරිස්ද දැඩි විමසිල්ලෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස ජලාශභාර ඉංජිනේරුවන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem