පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම්වලදී රාජකාරියේ නිරතව සිටියදී මියගිය හෝ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ට විශේෂ වන්දි සහ සහනාධාර ලබා දීමටත්, බන්ධනාගාර උපක්රමික බලකාය ශක්තිමත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විපතට පත් නිලධාරීන්ට වන්දි ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ මෙලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
විශේෂ වන්දි ගෙවීම් ආකෘතිය
සාමාන්‍ය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/936 යටතේ හිමිවන වන්දිවලට අමතරව පහත සඳහන් පරිදි විශේෂ මුල්‍ය වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
- මියගිය නිලධාරීන් සඳහා: එක් නිලධාරියෙකුට රුපියල් මිලියන 5 බැගින් (රුපියල් ලක්ෂ 50).
- පූර්ණ ආබාධිත තත්ත්වයට පත් නිලධාරීන් සඳහා: එක් නිලධාරියෙකුට රුපියල් මිලියන 5 බැගින්.
- උපයා ගැනීමේ හැකියාව 100%ක් අහිමි වූ අර්ධ ආබාධිත නිලධාරීන් සඳහා: එක් නිලධාරියෙකුට රුපියල් මිලියන 4 බැගින්.
- තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත් නිලධාරීන් සඳහා: එක් නිලධාරියෙකුට රුපියල් මිලියන 3 බැගින්.
බන්ධනාගාර උපක්රමික බලකාය ශක්තිමත් කෙරේ
බන්ධනාගාරවල ආරක්ෂාව සහ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා බන්ධනාගාර උපක්රමික බලකාය සක්‍රීයව බලගැන්වීමටද තීරණය කර ඇත. ඒ යටතේ,
- අදාළ බලකායට නිල නීතිමය වලංගුභාවය ලබා දෙමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීම.
- බලකාය සඳහා සුදුසුකම් ලත් ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් අලුතින් බඳවා ගැනීම.
- විශේෂිත පුහුණු වැඩසටහන් ලබා දීම සහ නවීන උපකරණවලින් බලකාය සන්නද්ධ කිරීම.
- බන්ධනාගාර උපක්රමික බලකාය වෙනුවෙන් වෙනම මූලස්ථානයක් පිහිටුවීම.
යන කාර්යයන් සිදු කෙරෙනු ඇත.
Comments
Moderated before publishing. Your email stays private.