හිටපු බ්රිතාන්ය අග්රාමාත්ය බොරිස් ජොන්සන් ඇතුළු යුරෝපා ජ්යෙෂ්ඨ දේශපාලන නියෝජිත පිරිසක් ගමන් කළ දුම්රිය පිටව ගොස් සුළු වේලාවකට පසු, යුක්රේනයේ මගී දුම්රියකට රුසියානු ඩ්රෝන ප්රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම ප්රහාරය යුක්රේන - පෝලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි යාහොඩින් දුම්රිය ස්ථානයේදී එල්ල වී තිබේ.
එන්ජිමට ප්රහාරයක් - තුවාලකරුවන් නැත
රුසියානු ඩ්රෝන යානයක් මගින් මගී දුම්රියක එන්ජිමට සෘජුවම පහර දී ඇති අතර ප්රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව යුක්රේන බලධාරීන් සඳහන් කරයි.
බොරිස් ජොන්සන් ඇතුළු නියෝජිත පිරිස කීව් නුවර පැවති යාල්ටා යුරෝපීය උපායමාර්ගික සමුළුවට සහභාගී වී පෝලන්තය බලා දුම්රියෙන් ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.
රාජ්යතාන්ත්රික දුම්රිය ඉලක්ක කළ බවට සැක
ඔවුන් ගමන් කළ දුම්රිය ආරක්ෂක හේතූන් මත නියමිත වේලාවට පෙර දුම්රිය ස්ථානයෙන් පිටත් කර තිබූ බව යුක්රේන දුම්රිය බලධාරීන් ප්රකාශ කර ඇත.
ඒ අනුව ප්රහාරයට ලක්වූ දුම්රිය එම රාජ්යතාන්ත්රික දුම්රිය ඉලක්ක කරගනිමින් එල්ල කළ එකක් විය හැකි බවට සැක පළ වේ.
කෙසේ වෙතත් ප්රහාරයේ සැබෑ ඉලක්කය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් නිශ්චිත ප්රකාශයක් සිදුකර නොමැති අතර යුක්රේනයේ දුම්රිය හා හමුදා සැපයුම් යටිතල පහසුකම් රුසියානු ප්රහාරවල ප්රධාන ඉලක්ක බව වාර්තා වේ.
Comments
Moderated before publishing. Your email stays private.