Swipe left or right to navigate stories
පොස්පේට් බලපත්‍ර අල්ලස් නඩුවට චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

පොස්පේට් බලපත්‍ර අල්ලස් නඩුවට චාමර සම්පත් සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

පොස්පේට් ආනයනය කිරීමේ බලපත්‍ර නීතිවිරෝධී ලෙස නිකුත් කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි සැකකරුවන් දෙදෙනා අද දින යළි කැඳවූ අවස්ථාවේදී, විමර්ශන නිලධාරීන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



රාජ්‍ය අමාත්‍ය ධුරය දරද්දී කළ ගනුදෙනුව

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, චාමර සම්පත් දසනායක මහතා 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වූ කාලය තුළ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෙම මුදල් අක්‍රමිකතාව සිදුව ඇති බවය.

අදාළ කාලසීමාවේදී මෙරටට පොස්පේට් ආනයනය කිරීම සඳහා සමාගම් තුනක් වෙත නීත්‍යනුකූල හා නිසි ක්‍රමවේදවලින් බැහැරව බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීම වෙනුවෙන්, අදාළ සමාගම්වලින් රුපියල් ලක්ෂ 84ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බවට සැකකරුවන්ට එරෙහිව ප්‍රධාන වශයෙන් චෝදනා ගොනු කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem