මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පූජ්ය අම්පිටියේ සුමනරතන හිමියන් හෙට (7) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්රාත් අධිකරණය අද (6) නියෝග කළේය.
උන්වහන්සේ අද දින මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අත්අඩංගුවට ගැනීමට හේතුව
මඩකලපුවේ පිහිටි භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය මගින් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන ඇත.
වාර්තා වන පරිදි සුමනරතන හිමියන් විසින් ඉදිකළ වැවක් සඳහා අනුමැතිය ලබාගෙන නොමැති බව පවසමින් මඩකලපුව භූ විද්යා කාර්යාලයේ ප්රධානියකු සහ නිලධාරියෙකු මඩකලපුව පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.