Swipe left or right to navigate stories
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා උපහාර චිත්‍රපට සතිය අද ඇරඹේ

ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා උපහාර චිත්‍රපට සතිය අද ඇරඹේ

ශ්‍රී ලාංකේය සිනමාවේ අද්විතීය රංගන ශිල්පියෙකු වන මහේන්ද්‍ර පෙරේරා මහතාගේ අසමසම සිනමා ගමන අගයමින් සංවිධානය කරනු ලබන විශේෂ "උපහාර චිත්‍රපට සතිය" අද (10) සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙන මෙම චිත්‍රපට සතිය සඳහා ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනමන අතර ආසන සංඛ්‍යාව සීමිත බැවින් පූර්ව ලියාපදිංචිය මගින් ටිකට්පත් වෙන්කරවා ගත යුතු වේ.

ශ්‍රී ලාංකේය සිනමාලෝලීන්ට විශාල තිරයේ නැවතත් මෙම අගනා චිත්‍රපට රසවිඳිමින් මහේන්ද්‍ර පෙරේරා නමැති ප්‍රතිභාපූර්ණ රංගධරයාට උපහාර පිදීම සඳහා මෙය අගනා අවස්ථාවක් වනු ඇත.



දර්ශන කාලසටහන

මහේන්ද්‍ර පෙරේරා මහතා රංගනයෙන් දායක වූ දේශීය සහ ජාත්‍යන්තර සම්මානනීය චිත්‍රපට 7ක් මෙම චිත්‍රපට සතිය ඇතුළත ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එහි කාලසටහන මෙසේය.

  • අගෝස්තු 10 (ප.ව. 6.30): මිල්ලේ සොයා (අධ්‍යක්ෂණය – බූඩි කීර්තිසේන)
  • අගෝස්තු 12 (ප.ව. 6.30): 28 (අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි)
  • අගෝස්තු 14 (ප.ව. 6.30): සුළඟ එනු පිණිස (අධ්‍යක්ෂණය – විමුක්ති ජයසුන්දර)
  • අගෝස්තු 15 (ප.ව. 3.30): Paradise (අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ)
  • අගෝස්තු 15 (ප.ව. 6.30): බඹර වලල්ල (අධ්‍යක්ෂණය – අතුල ලියනගේ)
  • අගෝස්තු 16 (ප.ව. 3.30): කළු සුදු සහ අළු (අධ්‍යක්ෂණය – සුදත් මහදිවුල්වැව)
  • අගෝස්තු 16 (ප.ව. 6.30): සඳ දඩයම (අධ්‍යක්ෂණය – අශෝක හඳගම)
Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem