ප්රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ ප්රියංකර පෙරේරා මහතා අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඔහු 64 වැනි වියේ පසුවිය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (1) රාත්රියේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
කලා ජීවිතය සහ පවුලේ තොරතුරු
ප්රියංකර පෙරේරා මහතා, ලංකේය සංගීත ක්ෂේත්රයට නවමු ආකාරයේ හඬ පෞරුෂයක් තිළිණ කළ නැසීගිය ජනප්රිය ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරා ශූරින්ගේ පුත්රයකු වන අතර ප්රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක මහත්මියගේ සැමියා සේම නව පරපුරේ ගායන ශිල්පි දිල්මින් පෙරේරාගේ පියාණන්ද වේ.
ජනප්රිය ගීත රැසක් ගායනය කර ඇති ඒ මහතා ‘සුපුන් සඳක්’, ‘සඳුන් ගසේ සමන් වැලක්’, ‘සිකුරුලියා’, ‘අගාධ සාගරයේ’ වැනි ගීතයන්ගෙන් ප්රේක්ෂකයින් අතර බෙහෙවින් ප්රසිද්ධියට පත්විය. ගායනයට අමතරව චිත්රපට මෙන්ම ටෙලිනාට්ය රැසකටද ඔහු රංගනයෙන් සිය දායකත්වය ලබා දී තිබේ.
අවසන් කටයුතු සිදුවන ආකාරය
ප්රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින (3) සිදුකිරීමට නියමිත බව දැනුම් දී තිබේ.
ඒ අනුව එතුමාගේ දේහය අද (2) සවස 3.00 සිට කොළඹ ජයරත්න මල් ශාලා පරිශ්රයේ අරලිය ශාලාවේ තැන්පත් කරනු ලබන අතර හෙට (3) උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතය.
අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (3) සවස සිදුකිරීමට නියමිතව ඇත.
Comments
Moderated before publishing. Your email stays private.