Swipe left or right to navigate stories
ප්‍රංශය අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි

ප්‍රංශය අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කෙරෙන නව නීතියක් අනුමත කිරීමට ප්‍රංශ පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ළමුන් සඳහා මෙවැනි වාරණයක් පැනවූ ප්‍රථම යුරෝපීය රට බවට ප්‍රංශය පත්වෙයි.

ප්‍රංශ සෙනෙට් සභාව සහ ජාතික මණ්ඩලය යන දෙකම විසින් අඟහරුවාදා (21) දින මෙම තහනම සම්මත කරනු ලැබූ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ද මෙම තීරණය පිළිගෙන ඇත.

මේ අනුව සමාජ මාධ්‍ය ආයතන විසින් ප්‍රංශයේ පෞද්ගලිකත්ව නියාමකයා අනුමත කරන ලද වයස් තහවුරු කිරීමේ ක්‍රමවේදයන් භාවිත කිරීම අනිවාර්ය වේ.



තහනම අදියර දෙකකින්

ළමුන්ගේ මානසික සෞඛ්‍යය ආරක්‍ෂා කිරීම අරමුණු කරගනිමින් හඳුන්වා දුන් මෙම නව නීතිය අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සැප්තැම්බර් මාසයේ සිට වයස අවුරුදු 15ට අඩු දරුවන්ට නව සමාජ මාධ්‍ය ගිණුම් ආරම්භ කිරීම තහනම් වන අතර සියලුම නව ගිණුම් සඳහා වයස තහවුරු කිරීම අනිවාර්ය කෙරේ.

2027 ජනවාරි මාසයේ සිට ප්‍රංශයේ සිටින සෑම අයෙකුටම සමාජ මාධ්‍ය භාවිත කිරීමට නම් තමන්ගේ වයස අවුරුදු 15ට වැඩි බව තහවුරු කිරීමට සිදුවේ.



සමාජ මාධ්‍ය වාරණය

ලොව පුරා ඕස්ට්‍රේලියාවට පසුව මෙවැනි තහනමක් හඳුන්වා දුන් දෙවන රට ප්‍රංශයයි. ඕස්ට්‍රේලියාව පසුගිය වසරේදී වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ අතර එක්සත් රාජධානියද 2027 ජනවාරි සිට වයස අවුරුදු 16ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නීති සකස් කරමින් සිටී.

කෙසේ වෙතත් වයස තහවුරු කිරීමේ ක්‍රමවේදවල සාර්ථකත්වය සහ ළමුන් විසින් මෙම තහනම් මගහැරීමට ඇති ඉඩකඩ පිළිබඳව යම් යම් කනස්සල්ල මතුව ඇති බවද වාර්තා වේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem