ශ්රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (15) පැවැති පළමු විස්සයි-20 ජාත්යන්තර ක්රිකට් තරගයෙන් ලකුණු 119 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.
මෙම ජයග්රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්තයට හැකි විය.
ප්රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් අගනා ශතකයක් ලබාගත් එංගලන්ත නායක හැරී බෘෘක් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
එංගලන්ත ඉනිම
සදම්ප්ටන් නුවරදී පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 254 ක් ලබා ගත්තේය.
ප්රවේගකාරී පිතිහරඔයක නිරත වූ නායක හැරී බෘෘක් පන්දු 49 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 114 ක් රැස්කිරීමට සමත් විය.
ආරම්භක පිතිකරු ජොස් බට්ලර් (80) සමග එක්ව බෘෘක්, එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 128 ක් සම්බන්ධතාවක් ගොනැගුවේය.
එහිදී එංලගන්ත පිතිකරුවෝ දුෂ්මන්ත චමීරගේ ඕවර 4 කින් ලකුණු 53 ක්, දුනින් වෙල්ලාලගේගේ ඕවර 3 කින් ලකුණු 51 ක්, දසුන් ශානකගේ ඕවර 4 කින් ලකුණු 42 ක් උදුරාගත්හ.
ශ්රී ලංකා ඉනිම
ජයග්රහණය සඳහා ලකුණු 255 ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා පිතිකරුවන්ට ඕවර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි.
සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී, ශ්රී ලංකාව වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පන්දු 21 කින් ලකුණු 33 ක්ද, දසුන් ශානක පන්දු 14 කින් ලකුණු 24 ක්ද රැස්කිරීමට සමත් වූහ.
සෝනි බේකර් ලකුණු 12 කට කඩුලු 3 ක්ද, ජැමී ඕවර්ටන් ලකුණු 20 කට කඩුලු 2 ක්ද, ලයෑම් ඩේව්සන් ලකුණු 23 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ලකුණු සාරාංශය
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 4 කට 254
ජොස් බට්ලර් 80, හැරී බෘෘක් නොදැවී 114, විල් ජැක්ස් 21)
ශ්රී ලංකාව - ඕවර 19 කදී සියලු දෙනා දැවී 135
(දසුන් ශානක 24, දුනිත් වෙල්ලාලගේ 33, සෝනි බේකර් 12/3, ජැමී ඕවර්ටන් 20/2, ලයෑම් ඩේව්සන් 23/2)
Comments
Moderated before publishing. Your email stays private.