Swipe left or right to navigate stories
පල්ලේගම හේමරතන හිමියන් අටමස්ථානාධිපති ධුරයෙන් ඉවතට

පල්ලේගම හේමරතන හිමියන් අටමස්ථානාධිපති ධුරයෙන් ඉවතට

පල්ලේගම හේමරතන හිමියන් විසින් දරන ලද 'මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය' සහ 'අටමස්ථානාධිපති ධුරය' අත්හිටුවීමට මහනුවර මල්වතු මහා විහාරය තීරණය කර තිබේ.

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට හේමරතන හිමියන්ට එල්ලවී ඇති චෝදනාව පිළිබඳ අවධානය යොමු කොට, අදාළ පාර්ශ්වයන් ද ගෙන්වා මේ සම්බන්ධයෙන් කරුණු විභාග කිරීමකින් අනතුරුව මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව මෙම තීරණය ‍ගෙන තිබේ.

ඒ අනුව සෙනසුරාදා (30) රැස් වූ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේදී හේමරතන හිමියන්ට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී, අවසන් තීරණයක් ලැබෙන තෙක් මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව උන්වහන්සේ දැරූ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුව, වත්මන් කමිටු සාමාජික උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක හිමියන් තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කිරීමටද තීරණය කර තිබේ.



පසුබිම

වයස අවුරුදු 14 ක බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්තඩංගුවට ගෙන සිටි අනුරාධපුර අටමස්ථානාධිපති ධූරයේ කටයුතු කළ පල්ලේගම හේමරතන හිමියන්, ඉකුත් සිකුරාදා (22) ඇප මත නිදහස් කරනු ලැබීය.

නඩුව විභාගයට ගැණුනු අවස්ථාවවේදී දෙපාර්ශවයේම කරුණු කාරණා සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිදු වික්‍රමරත්න මහතා, රුපියල් ලක්ෂ 50 ක් වටිනා ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත හිමිනම මුදාහැරීමට නියෝග කළේය.

විදෙස්ගත වීමේ තහනමක් මෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් වහාම ඇප අවලංගු කර යළිත් සිරගත කරන බවට දැඩි කොන්දේසි පනවමින් මෙම ඇප ලබාදීම සිදු කෙරිණ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem