Swipe left or right to navigate stories
නොවැම්බර් 01 සිට නිශ්චිත කාර්යයන් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යයි

නොවැම්බර් 01 සිට නිශ්චිත කාර්යයන් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යයි

2026 නොවැම්බර් 01 වැනිදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර TIN අංකය වලංගු බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවය.



TIN අංකය අනිවාර්ය වන කාර්යයන්

ඒ අනුව නොවැම්බර් 01 වැනිදා සිට පහත සඳහන් සියලු කාර්යයන් සඳහා වලංගු TIN අංකයක් ඉදිරිපත් කළ යුතුය.

  • බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම
  • ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම
  • මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීම
  • ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම
  • ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
  • ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම
  • ණය කාඩ්පතක් ලබාගැනීම





ඊ-සේවා හරහා ලියාපදිංචිය සහ තහවුරු කරගැනීම

TIN අංකයක් මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ලියාපදිංචි විය හැකිය. (https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader)

එමෙන්ම තමන් සතුව ඇති TIN අංකය වලංගුද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහාම තහවුරු කරගැනීමට ද අවස්ථාව සලසා ඇත. (https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index)



මුද්‍රිත පිටපත පිළිගැනීම
එසේ තහවුරු කිරීම සාර්ථකව සිදු වූ පසු TIN අංකය තිරයේ දිස්වන අතර පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව දැක්වෙන එම මුද්‍රිත පිටපතද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගන්නා බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem