Swipe left or right to navigate stories
නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන විවෘත තීන්දුවක්

ඊයේ (31) දින සැක කටයුතු ලෙස මියගිය බව කියන ජනප්‍රිය නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන් බව පිළියන්දල පොලිසිය පවසයි.

වෛද්‍ය වාර්තාවේ සඳහන් පරිදි ඇයගේ ශරීරයේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල දක්නට නොමැති බවත්, ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.



සිද්ධිය වූ ආකාරය

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර (46), පිළියන්දල තුම්බෝවිල ගංගාරාම පාරේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඇඳක් මත ඊයේ මියගොස් සිටියාය.

මෙලෙස මියගිය නිරූපණ ශිල්පිනිය, අදාළ ව්‍යාපාරිකයා සමඟ මවුපියන්ගේ දැනුවත්භාවයෙන් ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

ඉකුත් 30 වැනිදා රාත්‍රියේ පැවති ඇය විසින් සංවිධානය කරන ලද නිරූපණ උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්‍යාපාරිකයා සමඟ 31 වැනිදා අළුයම පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට පැමිණ නින්දට ගොස් ඇත.

එදිනම දහවල් 12.45 ට පමණ ඇයව නින්දෙන් අවදි කිරීමට කටයුතු කර ඇතත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන්, 1990 ගිලන් රථ සේවය කැඳවා පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී එම සෞඛ්‍ය සේවකයන් විසින් පරීක්ෂා කර දැනුම්දී ඇත්තේ ඇය මියගොස් ඇති බවය.



මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පැමිණිලි

ඇය නිදා සිටි ඇඳ ඇතිරිල්ලේ ලේ පැල්ලමක් තිබී ඇති බැවින් අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධව පිළියන්දල පොලිසියට පැමිණිලි කර ඇත. එමෙන්ම ඇයගේ මව විසින්ද දියණියගේ මරණය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ මරණය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය ස්ථානීය පරීක්ෂාවක් සහ මළ සිරුර පරික්ෂා කර තිබේ.

පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මළ සිරුර තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරියකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem