පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (16) නියෝග කළේය.
ඒ් ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව, සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද එදින ප්රකාශයට පත් කරන බව මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
අධිකරණය හමුවේ කරුණු දැක්වීම
රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද දින මෙම නඩු කටයුත්ත සඳහා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සහ සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන් ඉදිරිපත් කළ දීර්ඝ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
Comments
Moderated before publishing. Your email stays private.