Swipe left or right to navigate stories
නවුෆර් මවුලවි ඇතුළු 15ක් පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් වෙයි : 9 දෙනෙකු නිදොස් කොට නිදහස්

නවුෆර් මවුලවි ඇතුළු 15ක් පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් වෙයි : 9 දෙනෙකු නිදොස් කොට නිදහස්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම, අදාළ චෝදනා එල්ල වී සිටි සෙසු විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් දැනුම් දුන්නේය.

වරදකරුවන් වූවන්ගෙන් පස්දෙනෙකුට වසර 200 බැගින්ද, තවත් පස්දෙනෙකුට වසර 220 බැගින්ද, හතරදෙනෙකුට වසර 240 බැගින්ද, එක් අයෙකුට වසර 260 ක් බැගින්ද වන පරිදි බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අධිකරණය, සිර දඬුවමට අමතරව ඔවුන් සියලු දෙනාගේම දේපළ රාජසන්තක කරන ලෙසද නියම කළේය.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.



චෝදනා සහ නඩුවේ පසුබිම

2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.

එම විත්තිකරුවන් 24 දෙනා අතර සිටි 'යාසින් බාවා අබ්දුල් රාවුෆ්' නමැත්තා නඩු විභාගය අතරතුර 2023 වසරේදී මියගොස් ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem