යෝජිත නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 30 ක් ගොනු කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන සහ පරිපාලන ව්‍යුහය තුළ දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට යෝජනා කරමින් සකස් කරන ලද මෙම විශේෂ පනත් කෙටුම්පත, මෙම මස 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
දෙවැනි සහ තෙවැනි වර කියවීම ලබන මාසයේදී?
ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම් සැලකිල්ලට ගනිමින් අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිල තීන්දුව නිකුත් කිරීමට නියමිතය.
එමෙන්ම පනත සම්මත කරගැනීම සඳහා සිදු කළ යුතු සංශෝධනයන් මොනවාදැයි අධිකරණය විසින් පෙන්වා දීමෙන් අනතුරුව පනත් කෙටුම්පත දෙවැනි සහ තෙවැනි වර කියවීම සඳහා එළඹෙන නොවැම්බර් මාසයේ මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවද වාර්තා වේ.
Comments
Moderated before publishing. Your email stays private.