Swipe left or right to navigate stories
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ පාසල් වේලාවන් 2027 සිට ශ්‍රේණි අනුව වෙනස් වෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ පාසල් වේලාවන් 2027 සිට ශ්‍රේණි අනුව වෙනස් වෙයි

මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමගාමීව ලබන වසරේ (2027) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේණි පදනම් කරගනිමින් පාසල් පැවැත්වෙන කාලසීමාවන් සංශෝධනය කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පාසල්වල දෛනික කාලසටහන් සකස් විය යුතු ආකාරය පැහැදිලි කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ නව චක්‍රලේඛය මේ වන විටත් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ පාසල් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත.



ශ්‍රේණි අනුව සංශෝධනය වන නව පාසල් වේලාවන්

නව චක්‍රලේඛ උපදෙස් අනුව සිසුන්ගේ වයස් මට්ටම් සහ විෂයමාලා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් පාසල් නිමවන වේලාවන් කාණ්ඩ තුනක් යටතේ සංශෝධනය කර තිබේ.

  • 1 සහ 2 ශ්‍රේණි: උදෑසන 7:30 සිට පෙරවරු 11:45 දක්වා
  • 3 සහ 4 ශ්‍රේණි: උදෑසන 7:30 සිට පස්වරු 1:00 දක්වා
  • 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා: උදෑසන 7:30 සිට පස්වරු 1:30 දක්වා





නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන අදියර

මෙම වසරේදී (2026) 1 ශ්‍රේණිය සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹි නව විෂයමාලා ක්‍රමවේදය ඉදිරි වසරවලදී අදියරගතව ඉහළ ශ්‍රේණි කරා ව්‍යාප්ත කිරීමට නියමිතය.

ලබන වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂයමාලාව හඳුන්වා දීමට නියමිත අතර දැනට 1 ශ්‍රේණියේ පසුවන දරුවන් 5 ශ්‍රේණියට ඇතුළත් වන වර්ෂයේදී ඊට අදාළ නව විෂයමාලා සංශෝධන එකතු කිරීමට නියමිතය.

මෙම නව ප්‍රතිසංස්කරණ 2030 වසරේදී සාමාන්‍ය පෙළ සඳහා ක්‍රියාත්මක කෙරෙන අතර 2033 වසර වන විට සමස්ත ප්‍රතිසංස්කරණ පද්ධතිය සම්පූර්ණ කරමින් උසස් පෙළට හඳුන්වා දීම සිදු කෙරෙනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem