මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්රදේශ සඳහා රළු මුහුදු තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (12) පස්වරු 5.00 ට නිකුත් කරන ලද මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය හෙට (13) පෙරවරු 1.00 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාලගුණික තත්ත්වය සහ සුළඟේ වේගය
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවය.
එලෙස ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ මුහුදු ප්රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර ප්රබල තද සුළං ඇති විය හැකි අතර ඒ සමගම එකී මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු ස්වභාවයක් ගනු ඇත.
ධීවර හා නාවික ප්රජාවට දැනුම්දීම
මේ හේතුවෙන් අදාළ මුහුදු තීරයන්හි නාවික සහ ධීවර කටයුතුවල යෙදෙන ප්රජාව මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.