Swipe left or right to navigate stories
දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් : දෙදෙනෙකු ජීවිතක්ෂයට

දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් : දෙදෙනෙකු ජීවිතක්ෂයට

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) අළුයම් කාලයේදී නාඳුනන පුද්ගලයකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු සහ ළමුන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස ළමුන් දෙදෙනා මියගොස් තිබේ.



මියගිය අය සහ තුවාලකරු

මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේම පදිංචිව සිටි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකි. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇත්තේ ඔවුන්ගේ 55 හැවිරිදි පියා බව පොලීසිය සඳහන් කරයි.

මියගිය ළමුන්ගේ මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙම අපරාධයට හේතුව හෝ ඊට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem