මෙම මස 08 වැනිදාට යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් කොළඹ රැකියාවල නියුතු ජනතාවට කිසිදු බාධාවකින් තොරව ගම්බිම් බලා යාම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒකාබද්ධව අද (06) සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.
උත්සව සමය වෙනුවෙන් පිටත්වන මගී ජනතාව අද දිනයේ සිට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට මෙන්ම බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ වෙත විශාල වශයෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හැටන්, තලවාකැලේ සහ නුවරඑළිය බස් ආසන සීඝ්රයෙන් වෙන්වෙයි
ලංගම ආසන වෙන්කිරීමේ අංශය පෙන්වා දෙන්නේ, අද (06) සහ හෙට (07) දෙදින තුළ කොළඹ සිට වතුකරය ඉලක්ක කර ධාවනය වන ප්‍රධාන බස් රථවල ආසන විශාල ප්‍රමාණයක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම වෙන්වී අවසන් බවය.
විශේෂයෙන්ම මධ්‍යම පළාතේ හැටන්, තලවකැලේ, නුවරඑළිය සහ බදුල්ල මෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල යාපනය, වව්නියාව, මඩකලපුව සහ අම්පාර යන ප්‍රදේශ කරා ධාවනය වන දිගුදුර බස් රථවල ආසනද මේ වන විට ඉතා සීඝ්රයෙන් වෙන්වෙමින් පවතින බව වාර්තා වේ.
තදබදය මඟහැරගන්න Online ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම
බස් නැවතුම්පොළවල ඇතිවිය හැකි අධික තදබදය සහ අපහසුතාවන් අවම කරගැනීම සඳහා කල්වේලා ඇතිව සිය ආසන වෙන්කරවා ගන්නා ලෙස ප්‍රවාහන බලධාරීන් මගී ජනතාවට දැනුම් දෙයි.
ඒ අනුව 1315.lk හෝ sltbeseat.lk යන නිල වෙබ් අඩවි ඔස්සේ මාර්ගගතව (Online) ප්‍රවේශපත්‍ර සහ ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම සලසා දී ඇත.
Comments
Moderated before publishing. Your email stays private.