Swipe left or right to navigate stories
දිවයින පුරා මෙහෙයුම්වලින් 1,525ක් අත්අඩංගුවට

දිවයින පුරා මෙහෙයුම්වලින් 1,525ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් සහ මත්ද්‍රව්‍ය සැපයුම් අඩාල කිරීමේ විශේෂ මෙහෙයුම් හරහා පොලිසිය, ඊයේ (26) දිනය තුළ පමණක් පුද්ගලයින් 1,525 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 28,240 දෙනෙකු පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී සැකකරුවන් 654 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් 23 දෙනෙකු, වරෙන්තුකරුවන් 296 දෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් 193 දෙනෙකු සහ බීමත් රියදුරන් 94 දෙනෙකු සිටින බව පොලිසිය පවසයි.



සෙසු වැටලීම්

මීට අමතරව අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 105 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,622 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

එසේම මත්ද්‍රව්‍ය සැපයුම හා ඉල්ලුම පාලනය කිරීම සඳහා සිදුකළ වැටලීම් 876 කදී සැකකරුවන් 871 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අතුරින් 8 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර 4 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර තිබේ. සැකකරුවන් දෙදෙනෙකුට අදාළව නීතිවිරෝධී වත්කම් විමර්ශන ද ආරම්භ කර ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem