දකුණු ආසියානු සාගර කලාපයේ මතුවෙමින් පවතින නව ආරක්ෂක අභියෝග ජය ගැනීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ‘කොරියා - ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා - ප්‍රංශ සාගරික ආරක්ෂක සංසදය’ අද (16) කොළඹදී පැවැත්විණි.
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ ප්‍රාදේශීය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානයේදී මෙම සංසදය සංවිධානය කර තිබුණි.
සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන ක්ෂේත්‍ර සහ අරමුණු
සාගරික ආරක්ෂාව, ජාත්‍යන්තර සමුද්‍රීය නීතිය සහ කලාපීය සහයෝගීතාව පිළිබඳව ප්‍රතිපත්තිමය සංවාදයක් ගොඩනැගීම මෙහි මූලික අරමුණ වී තිබේ. ඒ යටතේ පහත කරුණු පිළිබඳව පුළුල් අවධානයක් යොමු කෙරිණි.
ආරක්ෂක අභියෝග සහ මුහුදු මාර්ග: සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය ආරක්ෂක අභියෝග මෙන්ම දකුණු ආසියානු මුහුදු මාර්ග හා සම්බන්ධතාවන්ට ඉන් එල්ල වන බලපෑම්.
නීතිමය සහ තාක්ෂණික සහයෝගීතාව: ජාත්‍යන්තර සමුද්‍රීය නීතිය යටතේ සාගරික ආරවුල් විසඳා ගැනීම, රටවල් අතර තොරතුරු හුවමාරුව, ධාරිතා ගොඩනැගීම සහ සමුද්‍රීය ක්ෂේත්රය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම.
දෙස් විදෙස් විශේෂඥයින් සහ ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වය
සංසදයේ ආරම්භක දේශනය ජෙනරාල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව්.ආර්.ඩී.එම්.අයි. ඉන්දික වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අතර ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි කිම් යොන් ජුන්ග් මහත්මිය විසින් සංසදයේ අරමුණු පැහැදිලි කළාය.
මෙම අවස්ථාව සඳහා කොරියාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුද්‍රීය විශේෂඥයින් රැසක් එක්ව සිටියහ.
ඊට අමතරව මෙරට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන රැසක නියෝජිතයින්ද මෙම සංසදයට සහභාගී වූහ.
Comments
Moderated before publishing. Your email stays private.