තායිලන්තයේ ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන දකුණු දිග ෆුකෙට් දූපතේ පෝටෝං ප්‍රදේශයේ පිහිටි වාණිජ ගොඩනැගිල්ලක් අසල විදුලි පරිවර්තකයක් පිපිරී යාමෙන් අද (16) අලුයම හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද අලුයම 3.17 ට පමණ විදුලි පරිවර්තකය පිපිරීමත් සමඟ ගින්න හටගෙන ඇති අතර මෙය හිතාමතා සිදුකළ ගිනි තැබීමක් නොවන බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ෆුකෙට් පොලිසිය තහවුරු කරයි.
ගින්න දරුණු වීමට බලපෑ හේතු සහ පැතිරීම
ආපනශාලාවක්, කුලී නවාතැන් පහසුකම් සහ මෝටර් බයිසිකල් කුලියට දෙන වෙළෙඳසැලක් පිහිටා තිබූ මෙම ගොඩනැගිල්ලේ හටගත් ගින්න, කෙටි වේලාවක් තුළ අවට පිහිටි තවත් ගොඩනැගිලි කිහිපයකටද වේගයෙන් පැතිරී ගොස් ඇත.
අදාළ මෝටර් බයිසිකල් කුලී සාප්පුව තුළ මෝටර් බයිසිකල් 100ක් පමණ මෙන්ම ගෑස්, එන්ජින් තෙල්, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ටයර් විශාල වශයෙන් ගබඩා කර තිබී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
එම අධික ලෙස දැවෙනසුළු ද්‍රව්‍ය ගිනි ගැනීම හේතුවෙන් ගින්න පාලනය කළ නොහැකි ලෙස වේගයෙන් පැතිරී යාමටත්, පුද්ගලයින්ට හානි සිදුකරමින් ඝන විෂ සහිත දුමාරයක් ප්‍රදේශය පුරා පැතිර යාමටත් හේතු වී ඇති බව බලධාරීහු පෙන්වා දෙති.
Comments
Moderated before publishing. Your email stays private.