Swipe left or right to navigate stories
තානාපතිවරු සහ මහකොමසාරිස්වරු 6 ක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු 6 ක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති

ශ්‍රී ලංකාවට පත්ව සිටින නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ අබුදුල්ලා මොහොමඩ්, ලක්සම්බර්ග් ජනරජයේ ක්‍රිස්ටියන් බීවර්, වතිකානයේ මොසිග්නර් අන්ඩ්‍රෙස්ජ් පියතුමා සහ කුවේට් රාජ්‍යයේ මුබාරක් අල් සර්වි මහතා නව තානාපතිවරු ලෙස එහිදී ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස වින්සන්ට් සැමුවෙල් මහතා සහ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නායර් නසීර් මහතා ඒ අතර වූ මහකොමසාරිස්වරු වූහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem