ත්‍රිකුණාමලය අධිකරණය මඟින් ඇප මත මුදාහැරීමට නියෝග කළද, වෙනත් නඩු කටයුත්තකට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.
ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උන්වහන්සේ, අද (17) යළි ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම විය.
අධිකරණය හමුවේ සමාව අයැදීමෙන් පසු ඇප හිමිවූ පසුබිම
මීට පෙර අධිකරණය මඟින් ලබා දී තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය අධිකරණයට සහ අනුරාධපුරයේ විනිසුරුවරයාට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද දින සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබීය.
එහිදී අදාළ වැරදි දෙක සම්බන්ධයෙන්ම උන්වහන්සේ අධිකරණයෙන් සමාව අයැද සිටීම සැලකිල්ලට ගත් ත්‍රිකුණාමලය අධිකරණය, එම නඩුවට අදාළව උන්වහන්සේ ඇප මත මුදාහැරීමට නියෝග කළේය.
කෙසේ වෙතත් අනුරාධපුර අධිකරණයේ පවතින සෙසු නඩු කටයුත්ත හේතුවෙන් උන්වහන්සේට තවදුරටත් බන්ධනාගාරගතව සිටීමට සිදුව තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.