මෙරට ඩෙංගු මදුරු ව්යාප්තිය පාලනය කිරීම සඳහා ලෝකයේ දැනට භාවිත වන ඉතාමත් සාර්ථක සහ නවීන ක්රමවේදයන් වන 'ඩෙංගු එන්නත' සහ 'වොල්බැකියා' බැක්ටීරියා ක්රමවේදය ලංකාවට හඳුන්වා දීමට සෞඛ්ය අමාත්යාංශයේ අවධානය යොමුව ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සෞඛ්ය අමාත්යාංශය සහ සිරස මාධ්ය ජාලය එක්ව බස්නාහිර පළාතේ දින 14ක් පුරා ක්රියාත්මක කරන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියේය.
බස්නාහිර පළාතට අධි අවදානමක්
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්ය අමාත්යවරයා පෙන්වා දුන්නේ මෙරට සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.5% ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවය.
ඉන් 20% බැගින් කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවලින් වාර්තා වන අතර මේ හේතුවෙන් බස්නාහිර පළාතේ අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි විශේෂ මර්දන වැඩසටහන් ක්රියාත්මක කර තිබේ.
ලෝක සෞඛ්ය සංවිධානය අනුමත කර ඇති ඩෙංගු එන්නත් ක්රමවේදය කඩිනමින් සමාජයට හඳුන්වා දීමට මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බවත්, ස්වභාවික බැක්ටීරියා ක්රමවේදයක් වන වොල්බැකියා වැඩසටහනද කඩිනමින් මෙරටට ඇතුළත් කරන බවත් අමාත්යවරයා අවධාරණය කළේය.
ඩෙංගු මරණ අනුපාතිකය පහළට
සායනික ප්රතිකාර සේවා දියුණු කිරීම නිසා 2009 වසරේ 1% ක්ව පැවති ඩෙංගු මරණ අනුපාතිකය මේ වන විට 0.05% දක්වා කැපී පෙනෙන ලෙස අඩු කර ගැනීමට සෞඛ්ය අංශ සමත්ව ඇත.
කෙසේ වෙතත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව 2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 61,060ක් සහ මරණ 39ක් වාර්තා වී තිබේ.
මේ හේතුවෙන් රෝගීන්ගේ සංකූලතා සහ මරණ තවදුරටත් අවම කිරීම වෙනුවෙන් රෝහල් තුළ වෙනම වාට්ටු සහ අධි සත්කාරක ඒකක ස්ථාපිත කිරීමටද අමාත්යාංශය පියවර ගෙන ඇත.
Comments
Moderated before publishing. Your email stays private.