Swipe left or right to navigate stories
ඩෙංගු අවදානම නිසා මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසයි

ඩෙංගු අවදානම නිසා මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසයි

විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට වාර්තා වීමත් සමග මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

සෞඛ්‍ය බලධාරීන් සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කඩිනමින් ඩෙංගු මර්දන කටයුතු, පරිශ්‍රය පිරිසිදු කිරීම සහ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කරන දිනය ඉදිරියේදී බලධාරීන් විසින් දැනුම් දීමට නියමිතය.



ගෙන ඇති පියවර

දිවයින පුරා දැනට පවතින ජාතික මට්ටමේ ඩෙංගු වසංගත තත්ත්වය සහ අධි-අවදානම් කලාප හඳුනාගෙන ඇති බැවින්, අධ්‍යාපන ආයතන ආරක්ෂා කර ගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළින් ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වුවහොත්, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත එම ආයතන තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බවද මින් පෙර ඔහු සඳහන් කර තිබිණ.

මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සියලුම උපකුලපතිවරුන් වෙත මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත.



සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

මින් පෙර සිසුන්ට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එළඹෙන ජූලි මස 13 වැනිදා යළි විවෘත කිරීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem