මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම් මෙහෙයවමින් විදෙස්ගතව සැඟව සිටි ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' නැමැති ප්රබල සංවිධානාත්මක අපරාධකරු ශ්රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ එකමුතුව සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව අද (25) අලුයම දිවයිනට රැගෙනවිත් ඇත.
ශ්රී ලංකා පොලිසිය මගින් ජාත්යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු නිවේදන මත පදනම්ව, රාජ්ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්සත් අරාබි එමීර් රාජ්යයේ බුද්ධි අංශ සහ ඩුබායි පොලිසිය සමග එක්ව සිදුකළ සමීප මෙහෙයුමකින් පසුව 2025 ඔක්තෝබර් මාසයේදී මොහුව ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඩිප්ලොමැටික් මෙහෙයුම
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, දෙරට අතර පවතින අවබෝධතා ගිවිසුමට අනුව සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්ය ලේඛන රාජ්ය තාන්ත්රික මාර්ග ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්යයේ බලධාරීන් වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීමට ශ්රී ලංකා රජය කටයුතු කළේය.
ඒ අනුව ශ්රී ලංකා පොලිසියේ සහ රාජ්ය බුද්ධි සේවයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් සැකකරු භාරගෙන අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණ ඇත.
වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරු මේ වන විට මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබේ.
ප්රධාන අපරාධ චෝදනා
'බස් ලලිත්' නමැති මෙම සැකකරු 2013 වසරේ සිට හංවැල්ල, පාදුක්ක, මීගොඩ සහ කොල්ලුපිටිය යන ප්රදේශවල සිදුකළ ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ ප්රධාන චූදිතයෙකි.
මෙම සැකකරු විසින් සිදුකරන ලද මත්ද්රව්ය ජාවාරම්, අනෙකුත් සංවිධානාත්මක අපරාධ මෙන්ම නීති විරෝධී ලෙස උපයාගෙන ඇති බවට සැකකෙරෙන අතිවිශාල වත්කම් සම්බන්ධයෙන්ද නීතිමය ක්රියාමාර්ග ගැනීමට ඉදිරි විමර්ශන ආරම්භ කර ඇත.
මනුෂ්ය ඝාතන 5 ක්
- 2023.12.25 දින පාදුක්කේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
- 2024.03.04 දින හංවැල්ලේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
- 2024.09.30 දින නෙළුවත්තුඩුවේදී ව්යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
- 2025.08.12 දින මීගොඩදී හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
- 2022.12.18 දින හංවැල්ලේදී මනුෂ්ය ඝාතනයකට ආධාර අනුබල දීම (අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණයේ නඩුව විභාග වේ).
කප්පම් ගැනීම් සහ ප්රහාර
- නෙළුවත්තුඩුව ප්රදේශයේ ව්යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලා එය නොලැබීම නිසා ලොරි රථයකට ගිනි තබා නිවසට වෙඩි තබා පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම.
- 2022.10.16 දින හංවැල්ලේ නිවසකට ඇතුළු වී පුද්ගලයින් තිදෙනෙකුට කපාකොටා බරපතල තුවාල සිදුකිරීම.
- 2025.07.06 දින කොස්ගමදී ත්රීරෝද රථයක සිටි තිදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම.
ගිනි අවි සපයා දීම්
- 2025.07.19 දින කොල්ලුපිටිය සමාජ ශාලාවක් අසලදී අත්අඩංගුවට ගත් T-56 ගිනි අවිය සහ ජීව උණ්ඩ 25 අදාළ පුද්ගලයාට ලබාදීම.
- 2025.08.13 දින මීගොඩදී අහසට වෙඩි තබා පලායාමේ සිද්ධිය මෙහෙයවීම.
Comments
Moderated before publishing. Your email stays private.