Swipe left or right to navigate stories
ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ළමුන් සූරාකෑම වැළැක්වීමට නව පනතක් ගෙන ඒ්මට පියවර

ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ළමුන් සූරාකෑම වැළැක්වීමට නව පනතක් ගෙන ඒ්මට පියවර

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධිය සහ මුල්‍යමය ලාභ ලබා ගැනීමේ අරමුණින් දෙමාපියන් සහ වැඩිහිටියන් විසින් ළමුන් සූරාකෑම වැළැක්වීම පිණිස නව පනත් කෙටුම්පත් සහ දැඩි නියාමන මාර්ගෝපදේශ හඳුන්වා දීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

අන්තර්ජාලය සඳහා වීඩියෝ සහ ඡායාරූප නිර්මාණය කිරීමට ගොස් බාලවයස්කරුවන් අනතුරුදායක සහ හානිකර පරිසරයන්ට නිරාවරණය කිරීමේ වර්ධනය වන ප්‍රවණතාව හමුවේ මෙම තීරණය ගෙන තිබේ.



ළමා පෞද්ගලිකත්වය පාවාදීමට දෙමාපියන්ට අයිතියක් නෑ

ළමුන් අනතුරුදායක හෝ තහනම් ස්ථාන වෙත රැගෙන යාම, අසභ්‍ය වචන භාවිතයට අනුබල දීම, වැඩිහිටියන්ට වෙන් වූ තේමාවන් සහිත දර්ශනවලට යොදා ගැනීම හෝ ලිංගිකව ප්‍රකාශිත අන්තර්ගතයන්ට නිරාවරණය කිරීම වැනි සිදුවීම් රැසක් බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

මුදල් හෝ ප්‍රසිද්ධිය හඹා යමින් තම දරුවන්ව දැනුවත්වම අවදානමකට ලක් කරන දෙමාපියන්ගේ සුදුසුකම පිළිබඳව ප්‍රශ්න කළ අමාත්‍යවරිය, නීතිමය භාරකරුවන්ට දරුවෙකුගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය පාවා දිය නොහැකි බව අවධාරණය කළාය.

ප්‍රසිද්ධිය හමුවේ සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීමට තරම් පරිණතභාවයක් ලැබූ පසු එම තීරණය ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම අදාළ දරුවා සතු විය යුතුය.

එමෙන්ම හානිකර ලෙස ඩිජිටල් මාධ්‍ය වෙත යොමු කෙරෙන ළමුන්, නීතිමය වශයෙන් 'රැකවරණය සහ ආරක්ෂාව අවශ්‍ය බාලවයස්කරුවන්' ලෙස වර්ගීකරණය කළ හැකි බවට අනතුරු ඇඟවූ ඇය, එම දරුවන්ගේ ආරක්ෂාව උදෙසා ඔවුන්ව රාජ්‍ය ළමා රක්ෂණ මධ්‍යස්ථාන (ළමා නිවාස) වෙත යොමු කිරීමට පවා රජයට සිදුවිය හැකි බව පැවසුවාය.



ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව මාර්ගෝපදේශ මාලාවක්

මෙම ගැටලුවට පද්ධතිමය විසඳුමක් ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ජාතික ළමා රක්ෂක අධිකාරිය හා එක්ව විශේෂඥ කමිටුවක් හරහා සමාජ මාධ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කරමින් සිටින අතර එහි කෙටුම්පත් කිරීමේ කටයුතු දැනට අවසන් අදියරේ පවතී.

මෙම නව නියාමන මඟින් ශ්‍රී ලංකාවද ප්‍රංශය සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය වැනි ජාත්‍යන්තර බලප්‍රදේශයන්හි පවතින නීතිමය ප්‍රමිතීන්ට අනුකූල වනු ඇත.

එම රටවල කුඩා කාලයේදීම සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වන බාලවයස්කරුවන්ගේ වැඩ කරන පැය ගණන සීමා කර ඇති අතර ඩිජිටල් අන්තර්ගතයන්ගෙන් උපයන ආදායම ආරක්ෂිත භාරකාර ගිණුම්වල තැන්පත් කිරීම අනිවාර්ය කර තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem