ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, මෙරට ඉතිහාසයේ ඒ සඳහා වෙන් කළ විශාලතම මුදල වන රුපියල් බිලියන 28.5ක වාර්තාගත ප්රතිපාදනයක් 2027 අයවැය මඟින් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
අද (12) පාර්ලිමේන්තුවේදී 2027 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, නවීන තාක්ෂණික යටිතල පහසුකම් ගොඩනැංවීම සහ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම දැවැන්ත ආයෝජනය සිදුකරන බවය.
විජේරාම මාවතේ නව AI මධ්‍යස්ථානයක්
ජාතික කෘත්‍රිම බුද්ධි (AI) ධාරිතාව ඉහළ නැංවීම සඳහා කොළඹ විජේරාම මාවතේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් සහ ඒ සඳහාම වෙන්වූ නවීන විද්‍යාගාර පද්ධතියක් ස්ථාපිත කිරීමට අයවැයෙන් යෝජනා කර ඇත.
ඊට සමගාමීව රාජ්‍ය ආයතනවල දත්ත ආරක්ෂාව සහ සේවා කාර්යක්ෂමතාව තහවුරු කිරීම වෙනුවෙන් 'ලංකා රාජ්‍ය ක්ලවුඩ් 3.0' පද්ධතියද පුළුල් ලෙස වැඩිදියුණු කිරීමට නියමිතය.
දත්ත මධ්‍යස්ථාන ආයෝජකයින්ට බලශක්ති සහන
මෙරට තුළ නව දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් දිරිමත් කර ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්, ඔවුන් වෙත විශේෂ බලශක්ති පිරිවැය සහන ලබාදීමට රජය තීරණය කර තිබේ.
තවද නවෝත්පාදන බිහිකරන දේශීය ඩිජිටල් ආරම්භක ව්‍යාපාර නඟාසිටුවීම සඳහා පිහිටුවා ඇති විශේෂිත අරමුදල තවදුරටත් ශක්තිමත් කරමින් තරුණ ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික පහසුකම් පුළුල් කිරීමටද පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Moderated before publishing. Your email stays private.