පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන විරෝධතාවයට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.
කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය මෙම ආඥාව නිකුත් කර ඇති අතර ඊට අදාළ නියෝගය විරෝධතාකරුවන් වෙත භාරදීමටද පොලිසිය පියවර ගෙන ඇත.
පනවා ඇති සීමා සහ තහනම් නියෝග
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය යටතේ නිකුත් කළ මෙම ආඥාව මගින් විහාරමහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අසල සහ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව රැඳී සිටීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
එමෙන්ම එෆ්.ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත සහ මල්පාර ඇතුළු අවට මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙසත්, පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.
නෛතික බලතල සහ දඬුවම්
පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි ඇතුළු හිමිවරුන්ටත්, ඊට සහභාගී වන සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන්ටත් මෙම නියෝගය බලපැවැත්වේ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(3) වගන්තිය අනුව මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලතල හිමිව තිබේ.
මෙම අධිකරණ ආඥාව කඩකිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 185 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Moderated before publishing. Your email stays private.