ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයන් හය දෙනෙකු පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
වෛද්ය අනුර දිසානායක, නියාස් මොහොමඩ් ඉර්ෂාඩ්, විශ්වනාත් එදිරිසිංහ, සංජීව ගුණරත්න, එච්. හේරත් සහ චමින්ද ප්රසාද් කුමාරතුංග යන මහත්වරු එලෙස අධ්යක්ෂ මණ්ඩලයට පත්වූ නව සාමාජිකයෝ වෙති.
අදාළ පත්කිරීම්වලින් අනතුරුව තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා සහ තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්රධානත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේ නව අධ්යක්ෂ මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.
අමාත්යවරුන්ගේ අදහස්
එහිදී අදහස් දැක්වූ තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ අරමුණු සහගත වැඩපිළිවෙළක් ඔස්සේ අධ්යක්ෂ මණ්ඩලය ලෙස ජාතික තරුණ සේවා සභාවේ කාර්යයන් සඳහා සක්රීය දායකත්වය ලබාදීමට කටයුතු කළ යුතු බවය.
එමෙන්ම ඉදිරි තරුණ සංවර්ධන ව්යාපෘති පිළිබඳව තමන්ගේ අදහස් හා යෝජනා ලබා දෙන ලෙසද අමාත්යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවට එක්වූ තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා පෙන්වා දුන්නේ ඉදිරි තරුණ සංවර්ධන වැඩසටහන් පැහැදිලි ඉලක්කයක් සහිතව ක්රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා විවිධ ක්ෂේත්ර නියෝජනය කරන මෙම නව අධ්යක්ෂ මණ්ඩලයේ පූර්ණ සහයෝගය අත්යවශ්ය වන බවත්ය.
Comments
Moderated before publishing. Your email stays private.