Swipe left or right to navigate stories
ජපානයේ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළට

ජපානයේ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළට

ජපානයේ නිරිතදිග ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව ජපන් අග්‍රාමාත්‍ය සනා ටකායිචි මහත්මිය තහවුරු කරයි.

කියුෂු දූපතේ කුමමොටෝ ප්‍රාන්තය මූලික කරගනිමින් වාර්තා වූ මෙම භූමිකම්පාව රිච්ටර් පරිමාණයේ 6.8ක ප්‍රබලත්වයකින් යුක්ත වූවකි. භූචලනයත් සමඟ ප්‍රදේශයේ නිවාස රැසකට මෙන්ම විදුලිබල පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදුව තිබේ.

නායයාම් සහ ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින ජීවතුන් අතර සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.වාර්තා වන අන්දමට ප්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයක කොටසක් කඩා වැටීමෙන් සහ ඉන් පැයකට පමණ පසුව එහි සිදුවූ හදිසි පිපිරීමකින්ද පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.



මතු වූ නව අභියෝගය

මේ වන විට විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවක් තාවකාලික සහන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ප්‍රදේශයේ පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහන සේවා පවත්වාගෙන යාම සංකීර්ණ වී ඇත. විපතට පත් ජනතාව විජලනයෙන් වළක්වා ගනිමින් සිසිල්ව තබා ගැනීම බලධාරීන්ට විශාල අභියෝගයක් වී තිබේ.

ඉදිරි දින කිහිපයේදී කුමමොටෝ ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ යාහැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

මේ හේතුවෙන් උණුසුම්මෙන් ආරක්ෂා වන ලෙසත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කර සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් සහන සේවකයින්ගෙන් සහ දිවි ගලවා ගත් පිරිස්වලින් බලධාරීන් ඉල්ලා සිටියි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem