Swipe left or right to navigate stories
චීනය හමුවේ පරාජය වීමෙන් ශ්‍රී ලංකා රග්බි පිලට පදක්කමක් දිනාගැනීම මඟ හැරෙයි

චීනය හමුවේ පරාජය වීමෙන් ශ්‍රී ලංකා රග්බි පිලට පදක්කමක් දිනාගැනීම මඟ හැරෙයි

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි පිරිමි ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේදී චීනය හමුවේ ලකුණු 19-12 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට පදක්කමක් කරා යෑමේ අවස්ථාව මඟහැරී ගියේය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-05 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ චීනය, ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කළ අතර ශ්‍රී ලංකාව ලකුණු රුස්කළේ උත්සාහක දිනුමක් මගිනි.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් මගින් ලකුණු 7 ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙද්දී, චීනයට උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. එහෙත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව චීනයට ලකුණු 7 ක ජයක් හිමිවිය.

එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාල් ඒ්කනායක උත්සාහක දිනුම් 2 ක් වාර්තා කළ අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට ශාහිඩ් සුම්රි සමත් විය.



මූලික වටයේදී ‘සී‘ කාණ්ඩය ශූරයන්

මූලික වටයේදී ‘සී‘ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව, ලකුණු 22-14 කින් පිලිපීනයත්, ලකුණු 33-17 කින් සිංගප්පූරුවත්, ලකුණු 17-05 කින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් පරාජය කිරීමට සමත් විය.

ඒ අනුව ‘සී‘ කාණ්ඩයේ ශූරයන් ලෙස ශ්‍රී ලංකාව සිය අපරාජිත බවද රැකගනිමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

කෙසේ වෙතත් අර්ධ අවසන් පූර්ව වටයේදී චීනය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රි ලංකාවට තරගාවලියේ 5 වැනි ස්ථානයත් 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් හිමිකර ගැනීම සඳහා යළිත් වරක් පිලිපීනයට එරෙහිව තරග වැදීමට සිදුව තිබේ.



මූලික වටයේදී ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

පිලිපීන තරගයේදී ආකාෂ් මධුෂංක උත්සාහක දිනුම් 2 ක්ද, චතුර විදානලාගේ, පසිඳු බණ්ඩාර සහ දේවින්ද ලංසක්කාර එක් උත්සාහක දිනුම බගින්ද ලබාගත් අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ ශාහිඩ් සුම්රි ප්‍රවර්ථන 2 බැගින් සාර්ථක කරගත්හ.

සිංගප්පූරු තරගයේදී චතුර විදානලාගේ උත්සාහක දිනුම් 2 ක්ද, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ ජනිඳු දිල්ෂාන් එක් උත්සාහක දිනුම බගින්ද ලබාගත් අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගත්තේය.

එක්සත් අරාබි එමීර් තරගයේදී චතුර විදානලාගේ, ශාහිඩ් සුම්රි සහ පසිඳු බණ්ඩාර එක් උත්සාහක දිනුම බැගින් ලබාගත් අතර තමා ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට ශාහිඩ් සුම්රි සමත් විය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem