Swipe left or right to navigate stories
චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ICC හොඳම ක්‍රීඩිකාවන්ගේ නිර්දේශිත ලැයිස්තුවට

චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ICC හොඳම ක්‍රීඩිකාවන්ගේ නිර්දේශිත ලැයිස්තුවට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පිරිනමනු ලබන සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රීඩිකාව සම්මානය සඳහා වන නිර්දේශිත ලැයිස්තුවට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, ඉන්දියාවේ ශ්‍රී චරනි සහ ⁣ෂෙෆාලි වර්මා යන ක්‍රීඩිකාවෝ ඇතුළත්ව සිටිති.

මෙම නිර්දේශිත ලැයිස්තුව මගින් ආසියානු කුසලාන තරගාවලි⁣යේදී සහ ආසියානු ක්‍රීඩා උළෙලේදී දක්වන ලද කැපී පෙනෙන දක්ෂතා ඇගයීමට ලක් කෙරෙන අතර එහිදී චමරි අතපත්තු පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වූවාය.



චමරි අතපත්තුගේ විශිෂ්ට දක්ෂතා

තෙවරක් මෙම සම්මානය දිනාගෙන ඇති ශ්‍රී ලංකා නායිකාව, විස්සයි20 තරග 7 කදී 140.37 ක ප්‍රහාරාත්මක වේගයක් සහිතව ලකුණු 226 ක් රැස් කරමින් සහ කඩුලු 14 ක් දවා ගනිමින් සිය කණ්ඩායම කාන්තා ආසියානු කුසලානයේ මෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලේද අවසන් මහා තරග කරා මෙහෙයවීමට සමත් වූවාය.

ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය මෙන්ම සම වැඩිම කඩුලු ලාභිනියද වූ ඇය, කාන්තා ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දුනීසියාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක්ද ඇතුළුව ලකුණු 05 කට කඩුලු 7 ක් දවාගැනීමට සමත් විය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem