Swipe left or right to navigate stories
ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව සංචාරයට හොඳම දූපත වෙයි

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව සංචාරයට හොඳම දූපත වෙයි

ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම සහ හොඳම දූපත් 50 ඇතුළත් කරමින් ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන ‘‘බිග් 7 ට්‍රැවල්“ වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද 2026 වසර සඳහා වන නිල ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

මෙවර නිකුත් කෙරුණේ මෙම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල 7 වන සංස්කරණයයි.

මෙම අගය කිරීම් සිදු කිරීම සඳහා මීට පෙර පළ වූ සංචාරක මාධ්‍ය වාර්තා, සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය, නැගී එන සංචාරක ප්‍රවණතා මෙන්ම ‘‘බිග් 7 ට්‍රැවල්“ කර්තෘ මණ්ඩලයේ විශේෂ ඇගයීම්ද පදනම් කරගෙන ඇත.



ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවූ සුවිශේෂී සාධක

ගෝලීය වශයෙන් ප්‍රචලිත සංචාරක ගමනාන්ත රැසක් පසුපසට ඇද දමමින් ශ්‍රී ලංකාව මෙලෙස පෙරමුණ ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණු කිහිපයක් එම සංචාරක මාධ්‍යය පෙන්වා දී තිබේ.

එහිදී සැතපුම් 833ක් පුරා විහිදුණු මනරම් වෙරළ තීරය, මීදුමෙන් බර වූ මධ්‍යම කඳුකරය සහ සශ්‍රීක තේ වතු යායන් ඇතුළු භූගෝලීය හා ස්වභාවික සුන්දරත්වය,

වනජීවී සෆාරි සඳහා ලොව සුප්‍රසිද්ධ යාල ජාතික උද්‍යානය වැනි සුවිශේෂී ජෛව විවිධත්වයන්ගෙන් සමන්විත පරිසර පද්ධතීන්,

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සීගිරිය පර්වත බලකොටුව ඇතුළු ඓතිහාසික සංස්කෘතික උරුමයන්,

ලෝක ප්‍රකට දේශගවේෂකයෙකු වූ මාර්කෝ පෝලෝ විසින් එදා ශ්‍රී ලංකාව "ලොව පවතින ප්‍රමාණයෙන් කුඩාම, එහෙත් අතිශය විශිෂ්ටතම දූපත" ලෙස හැඳින්වූ අයුරුද මෙම වාර්තාවේ සිහිපත් කර ඇත.

මෙම සමීක්ෂණයට සමගාමීව මෙරට උණවටුන වෙරළ තීරය ලොව හොඳම වෙරළ තීරයන් 50 අතර 26 වැනි ස්ථානයටද තේරී පත්ව තිබේ.



ලොව හොඳම දූපත් 10

  1. ශ්‍රී ලංකාව
  2. මෝරියා, ප්‍රංශ පොලිනීසියාව
  3. සොකෝට්‍රා, යේමනය
  4. මඩෙයිරා, පෘතුගාලය
  5. ගලපගෝස් දූපත්
  6. ග්‍රේට් එක්සුමා, බහමාස්
  7. සීෂෙල්ස්
  8. ඇචිල් දූපත, අයර්ලන්තය
  9. කොහ් ලිපේ, තායිලන්තය
  10. මිලෝස්, ග්‍රීසිය



සංචාරක කර්මාන්තයේ නව මිණුම් දණ්ඩ

ගෝලීය සංචාරකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව දෙසට සීඝ්‍රයෙන් යොමුවීමත් සමග දූපත් සංචාරක කර්මාන්තයේ නවතම මිණුම් දණ්ඩ බවට ශ්‍රී ලංකාව පත්වෙමින් ඇති බව සංචාරක විශ්ලේෂකයෝ පවසති.

මෙම ජාත්‍යන්තර ඇගයීම හේතුවෙන් ඉදිරි වසර තුළ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති අතර එය රටේ ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියට ලැබුණු දැවැන්ත පිටුවහලකි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem