Swipe left or right to navigate stories
ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (01) නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වන නොතීසි නිකුත් කිරීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විනිසුරු මඩුල්ල සිය නියෝගයේ සඳහන් කර ඇත.



ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට පියවර

නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව අද දින ප්‍රකාශයට පත් කළ මෙම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිය සේවාදායකයා අපේක්ෂා කරන බවය.

එම අභියාචනය ඉදිරිපත් කිරීමට අවසර ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, එම අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා වන කරුණු දැක්වීම් ඔක්තෝබර් 9 වැනිදා සිදු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem