Swipe left or right to navigate stories
ගිං සහ නිල්වලා ගංඟා ආශ්‍රිත පහත්බිම්වලට ඉදිරි පැය 24 සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්

ගිං සහ නිල්වලා ගංඟා ආශ්‍රිත පහත්බිම්වලට ඉදිරි පැය 24 සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්

ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (24) අලුයම 2.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (25) අලුයම 2.30 දක්වා වූ පැය 24ක කාලය සඳහා බලපැවැත්වේ.



ගිං ගඟ ද්‍රෝණියේ තත්ත්වය

මේ වන විට ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතී.

එම වර්ෂා තත්ත්වය සහ ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 තුළ පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි.

  • තවලම
  • නාගොඩ
  • බද්දේගම
  • වැලිවිටිය-දිවිතුර



නිල්වලා ගඟ ද්‍රෝණියේ තත්ත්වය

එමෙන්ම නිල්වලා ගංඟ ද්‍රෝණියේ පවතින ජල මට්ටම් විශ්ලේෂණයට අනුව ඉදිරි පැය 24 තුළ පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලටද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

  • පස්ගොඩ්‍
  • කොටපොල
  • පිටබැද්දර
  • අකුරැස්ස
  • අතුරලිය
  • මාලිම්බඩ
  • කඹුරුපිටිය
  • තිහගොඩ

පවතින මෙම සුළු ගංවතුර අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem