Swipe left or right to navigate stories
‘කෙහෙල්බද්දර පද්මේ’ ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

‘කෙහෙල්බද්දර පද්මේ’ ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා ලබන 17 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (3) නියෝග කළේය.

අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.



විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග

සිද්ධියට අදාළ සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු වන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු සම්බන්ධයෙන් වෙනත් අධිකරණවල තිබෙන නඩු එම අධිකරණවලට යොමු කරන ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තිබෙන නඩුව සහ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුව පමණක් මෙම අධිකරණයට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem