ස්කොට්ලන්තයේ ග්ලස්ගොව් නුවරදී පැවැත්වෙන 23 වැනි පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ මීටර් 400 පිරිමි ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාවේ කාලිංග කුමාර අද (28) සමත් විය.
මීටර් 400 පිරිමි ඉසව්වේ මූලික වටය තරග 6 කින් සමන්විත වූ අතර ඒ් සඳහා තරගකරුවන් 46 දෙනෙක් සහභාගි වූහ. ඉන් 5 වැනි තරගයට සහභාගි වූ කාලිංග, තත්පර 46.28 ක කාලයකින් තරගය නිමා කළේ සමස්ත තරගකරුවන් අතර 11 වැනි ස්ථානයටද පත්වෙමිනි.
මෙම ඉසව්ව සඳහා කාලිංග මින් පෙර දක්වා හොඳම පෞද්ගලික දක්ෂතාව තත්පර 45.07 ක් වන අතර මූලික වටයේදී එම කාලය ආසන්නයට හෝ පැමිණ තිබුණේ සමස්ත තරගකරුවන් අතර පළමු ස්ථානයට පත්වූ ජැමෙයිකාවේ සැන්ඩ්රියන් බර්න්ස් (තත්. 42.13) පමණි.
අවසන් පූර්ව වටය
ක්රීඩකයන් 8 දෙනා බැගින් තරග වදින තරග තුනකින් සමන්විත මෙම ඉසව්වේ අවසන් පූර්ව වටය අනිද්දා (30) ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 5.40 ට ආරම්භ වීමට නියමිතය.
ඉන් තෙවැනි අවසන් පූර්ව තරගය යටතේ කාලිංග තරග බිමට පිවිසීමට නියමිත අතර අවසන් පූර්ව වටයේදී හොඳම කාලයන් වාර්තා කරන ක්රීඩකයන් 8 දෙනා අතරට පැමිණීමට හැකි වුවහොත් ඔහුට අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව උදාවනු ඇත.
මූලික අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටින ක්රීඩකයන් අතරින් මූලික වටයේදී තත්පර 45 කට අඩුවෙන් තරගය නිමා කර තිබුණේ ක්රීඩකයන් 8 දෙනෙක් පමණි.
Comments
Moderated before publishing. Your email stays private.