ඉන්දියානු ක්‍රිෂ් සමාගමේ ඉඩම් ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොන්දේසි සහිත දැඩි ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළේය.
ඇප නියෝගයට අමතරව සැකකාර මන්ත්‍රීවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් පැනවීමටද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
රුපියල් කෝටි එකහමාරක ශරීර ඇප
නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, පහත සඳහන් ඇප කොන්දේසි මත නාමල් රාජපක්ෂ මහතා මුදා හැරීමට නියම කළේය.
- රුපියල් ලක්ෂයක (100,000) මුදල් ඇපයක්
- රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක් (සමස්ත ශරීර ඇප වටිනාකම රුපියල් කෝටි 1.5ක්
- විදේශගත වීම තහනම් කිරීමේ නියෝගයක්
අල්ලස් කොමිසමේ විරෝධය මැද දෙමාපියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බැලෙයි
නඩුවේ පසුගිය දින විභාගයේදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දී තිබුණේ ඔහුගේ මව සහ පියා දැඩි අසනීප තත්ත්වයකින් පසුවන බවත්, එය විශේෂ කරුණක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙසත්ය.
එම ඇප ඉල්ලීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දැඩි විරෝධයක් පළ කර තිබුණද, දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් දීර්ඝ ලෙස අධ්‍යයනය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
ක්‍රිෂ් සමාගමේ මිලියන 70ක ගනුදෙනුව
කොළඹ ට්‍රාන්ස්වර්ක් චතුරස්රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු ක්‍රිෂ් සමාගමට පවරා දීමේ කටයුතු පහසු කරදීම වෙනුවෙන් රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට අල්ලස් කොමිසම නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා නඟා තිබුණි.
ඒ අනුව අත්අඩංගුවට ගත් ඔහුව අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
Comments
Moderated before publishing. Your email stays private.