ආන්දෝලනාත්මක ‘ක්රිෂ්’ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද යළිත් කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබුණේ මෙම නඩු කටයුත්ත සඳහා ය.
ඇප නියෝගය ලබන 16 වැනිදා
සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් කරුණු දැක්වීම සිදු කරන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර ඔවුන්ට අදාළ ඇප නියෝගය ලබන 16 වැනිදා ලබා දෙන බවද ප්රකාශ කළේය.
‘ක්රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම මගින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පවරා ඇති මෙම නඩුවේදී, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කරනු ලැබ සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.