කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව ලබන නොවැම්බර් 03 වැනි අඟහරුවාදා දින විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පසුගිය 23 වැනිදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී නොවැම්බර් 03 සිට 06 දක්වා පැවැත්වෙන පාර්ලිමේන්තු සතියට අදාළ න්යායපත්රය මෙලෙස තීරණය කර තිබේ.
කථානායකට එරෙහි චෝදනා 50 ක්
පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීමේදී කථානායකවරයා පක්ෂපාතී මෙන්ම අප්රජාතන්ත්රවාදී ක්රියාකලාපයක් අනුගමනය කර ඇති බවත්, ඒ අනුව ඔහු එම ධුරය දැරීමට නුසුදුසු බවත් පවසමින් විපක්ෂයේ මන්ත්රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුතු මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර ඇත.
චෝදනා 50ක් පදනම් කරගනිමින් සකස් කළ අදාළ යෝජනාව පසුගිය ඔක්තෝබර් 09 වැනිදා විපක්ෂයේ මන්ත්රී පිරිසක් විසින් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාරදෙන ලදී.
නොවැම්බර් 3 සිට 6 දක්වා පාර්ලිමේන්තු න්යායපත්රය
සංශෝධිත විශ්වාසභංග යෝජනාවට අමතරව ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අනෙකුත් විශේෂ කරුණු මෙසේය.
- නොවැම්බර් 03 (අඟහරුවාදා): කථානායකවරයාට එරෙහි සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම.
- නොවැම්බර් 04 (බදාදා): අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති ආනයන හා අපනයන පාලන පනත යටතේ වන රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා විවාද කිරීම.
- නොවැම්බර් 05 (බ්රහස්පතින්දා): සභාව කල් තැබීමේ යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වීම.
- නොවැම්බර් 06 (සිකුරාදා): පෞද්ගලික මන්ත්රී යෝජනා විවාදයට ගැනීම.
Comments
Moderated before publishing. Your email stays private.