කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත නිල වශයෙන් භාර දී තිබේ.
කථානායකවරයාට එරෙහිව චෝදනා 50 ක් ඇතුළත් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති අතර ඊට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා ඇත.
විශ්වාසභංගයට හේතු සහ චෝදනා
පාර්ලිමේන්තු ක්රියාපටිපාටිය හැසිරවීමේදී කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී මෙන්ම ප්රජාතන්ත්රවාදී නොවන ක්රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධුරය දැරීමට නුසුදුසු බවට චෝදනා කරමින් විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබයි.
භාරදීමට එක්වූ විපක්ෂ නියෝජිතයින්
පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත මෙම විශ්වාසභංග යෝජනාව භාරදීමේ අවස්ථාව සඳහා විපක්ෂයේ නියෝජ්ය ප්රධාන සංවිධායක අජිත් පී. පෙරේරා, දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ රවී කරුණානායක, දිලිප් වෙදආරච්චි, චමින්ද විජේසිරි සහ වරුණ ලියනගේ යන මන්ත්රීවරුන් එක්ව සිටියහ.
Comments
Moderated before publishing. Your email stays private.