Swipe left or right to navigate stories
'කජ්ජා' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වූ 'අචිනි' ඩුබායිහිදී කොටුවී මෙරටට ගෙනෙයි

'කජ්ජා' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වූ 'අචිනි' ඩුබායිහිදී කොටුවී මෙරටට ගෙනෙයි

මහත් ආන්දෝලනයකට තුඩුදුන් 'කජ්ජා' ඇතුළු ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන සඳහා අත්‍යාවශ්‍යව සිටි ප්‍රධාන සැකකාරියක වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව අද (27) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි ඇයව, මෙරට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරගෙන මෙලෙස දිවයිනට කැඳවාගෙන ඇවිත් ඇත.



'කජ්ජා' ඝාතන සැලසුමේ තොරතුරු අනාවරණය වෙයි

මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම කාන්තාව 'කජ්ජා' නැමැත්තා සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුවූ දින 'කජ්ජා' වෙත අවසාන දුරකථන ඇමතුම මෙන්ම අවසාන කෙටි පණිවිඩය ලබා දී ඇත්තේද ඇය විසිනි. පොලිස් පරීක්ෂණවලට අනුව 'බැකෝ සමන්' නැමැත්තාගේ උපදෙස් මත ආහාර ගැනීම සඳහා 'කජ්ජා' ඇතුළු දරුවන් දෙදෙනා අවන්හලක් වෙත කැඳවාගෙන ගොස් ඇත්තේද මෙම අචිනි නැමැති කාන්තාව විසිනි.

එලෙස ඇයගේ කැඳවීම මත අවන්හල වෙත පැමිණි අවස්ථාවේදී 'කජ්ජා' සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඔවුන් තිදෙනාම ජීවිතක්ෂයට පත් විය.



දැඩි ආරක්ෂාව මැද CID මූලස්ථානයට

අද (27) අලුයම 05.20 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් ඇය කටුනායකට රැගෙන එනු ලැබුවාය.

ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, විශේෂ හා දැඩි ආරක්ෂක රැකවල් මැද ඇයව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem