Swipe left or right to navigate stories
ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි : ශ්‍රී ලංකාවට වූ බලපෑම අඩුවෙයි

ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි : ශ්‍රී ලංකාවට වූ බලපෑම අඩුවෙයි

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති 'ඔර්නබ්' සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම පද්ධතිය ගොඩබිමට ඇතුළු වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාලගුණය කෙරෙහි පැවති සෘජු බලපෑම ක්‍රමයෙන් අඩු වී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි හටගන්නා අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං මඟින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.



වැසි සහ තද සුළං තත්ත්වය

සුළි කුණාටුවේ බලපෑම අඩු වුවද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇත.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක. ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (28) පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගැනීමේ හැකියාවක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem