එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති වූ වියළි කාලගුණයෙන් මෙරට පවුල් 25,628 කට අයත් පුද්ගලයන් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය වාර්තා කරයි.
කෙසේ වෙතත් ඒ හා සම්බන්ධ මරණ, තුවාල ලැබීම් හෝ අතුරුදහන්වීම් පිළිබඳව මේ දක්වා කිසිවක් වාර්තා වී නොමැත.
පීඩාවට පත් පවුල් 20,000 ක් සඳහා පානීය ජලය සැපයීමට ප්රාදේශීය ලේකම්වරුන් හා සම්බන්ධ වී පියවර ගෙන ඇති බව පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳිගේ මහතා ප්රකාශ කළේය.
බලපෑම
එල් නිනෝහි බලපෑම පළාත් පහක් පුරා වඩාත් දරුණු ලෙස දැනෙමින් පවතින අතර නැගෙනහිර සහ ඌව පළාත් ඉන් වැඩිම බලපෑමට ලක්වූ ප්රදේශ වේ.
ඌව පළාතේ පවුල් 40,899 ක් පීඩාවට පත්ව ඇති අතර නැගෙනහිර පළාතේ පවුල් 37,306 ක් පීඩාවට පත්ව ඇත. නියඟයෙන් බලපෑමට ලක්වූ අනෙකුත් පළාත් වන්නේ සබරගමුව, උතුරු මැද සහ දකුණු පළාත්ය.
දිස්ත්රික් මට්ටමින් මොනරාගල සහ මඩකලපුව යන දිස්ත්රික්කවලින් වැඩිම පීඩාවට පත් පුද්ගලයන් සහ පවුල් සංඛ්යාවක් වාර්තා වේ.
Comments
Moderated before publishing. Your email stays private.