Swipe left or right to navigate stories
එයාර් බස් ගනුදෙනුවේ නඩු ප්‍රගතිය ඔක්තෝබර් 13 දන්වන්නැයි අල්ලස් කොමිසමට නියෝග

එයාර් බස් ගනුදෙනුවේ නඩු ප්‍රගතිය ඔක්තෝබර් 13 දන්වන්නැයි අල්ලස් කොමිසමට නියෝග

විවාදාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළ නඩුවේ වැඩිදුර ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.



අල්ලස් කොමිසමේ ඉල්ලීම

නඩු විභාගය ආරම්භයේදී අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන කටයුතුවලට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවය.

එමෙන්ම ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



මහේස්ත්‍රාත්වරයාගේ පැහැදිලි කිරීම්

මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම් මහතා පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව නිමල් පෙරේරා නැමැත්තා වෙනුවෙන් තමන් පෙනී සිටින බවය.

එහෙත් එහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ අදාළ පුද්ගලයා මෙතෙක් අල්ලස් කොමිසම මගින් සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බවය.

මේ අතර සිද්ධියේ සැකකාරියක වන ප්‍රියංකා නයෝමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂණ මාතර ආරච්චි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායිකාව මේ වන විට විදේශ රටක පදිංචිව සිටින බැවින් ඇයට එරෙහිව රතු වරෙන්තු නිකුත් කිරීම පිළිගත නොහැකි බවය.



මියගිය ප්‍රධාන සැකකරු

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබූ නමුත් ඔහු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව ඔක්තෝබර් මස 13 වනදා දක්වා කල් තැබීය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem