තමන්ව තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසාධාරණ සහ අවිධිමත් ලෙස ඉවත් කිරීමට එරෙහිව, ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්රමෝද්ය වික්රමසිංහ මහතා විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් සහ ක්රිකට් අතුරු කමිටුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ඉරාන් වික්රමරත්න මහතා ඇතුළු ක්රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් 9 දෙනෙකු, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනය නම් කර තිබේ.
කාලයට පෙර හදිසියේ ඉවත් කිරීම
ක්රීඩා අමාත්යවරයාගේ අනුමැතිය සහිතව 2025 දෙසැම්බර් 17 වන දින වසර දෙකක කාලයක් සඳහා තමන්ව මෙම ධුරයට පත් කරන ලද මුත්, ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ නිසි ක්රියාපටිපාටියකින් තොරව සිය පත්වීම නියමිත කාලයට පෙර හදිසියේ අවසන් කර ඇති බව වික්රමසිංහ මහතා පෙන්වා දෙයි.
මූල්ය හා කීර්තිනාමයට වූ හානිය
තමන් සිය අනෙකුත් ව්යාපාරික හා වෘත්තීය කටයුතු පසෙකලා මෙරට ක්රිකට් ක්රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ බවත්, මෙලෙස හදිසියේ ධුරයෙන් ඉවත් කිරීම නිසා තමන්ට හිමිවිය යුතු වේතන අහිමි වී බරපතළ මූල්ය අලාභයක් සිදු වූ බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම මෙමඟින් සිය වෘත්තීය කීර්තිනාමයට සහ විශ්වසනීයත්වයටද දැඩි හානියක් වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
Comments
Moderated before publishing. Your email stays private.