අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලබන දුප්පත් හා අන්ත දිළිඳු පවුල් සවිබල ගැන්වීම සඳහා ලෝක බැංකු ණය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ උපරිම ප්‍රාග්ධන මූල්‍ය ප්රදානය රුපියල් 150,000 සිට රුපියල් 200,000 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව, අදාළ ව්‍යාපෘතිය යටතේ ප්රතිලාභ හිමිවන සමස්ත පවුල් සංඛ්‍යාවද 10,975 සිට 11,500 දක්වා ඉහළ දැමීමට නියමිතය.
දෙවැනි අදියර යටතේ තවත් පවුල් 6,600 කට ප්රතිලාභ
පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී ලැබූ අත්දැකීම් සැලකිල්ලට ගනිමින්, ව්‍යාපෘතියේ ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි ප්‍රදාන මුදල සහ ප්‍රතිලාභීන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ලෝක බැංකුවේද එකඟතාව හිමිව ඇත.
ඒ අනුව පළමු අදියරේදී දිස්ත්‍රික්ක 07 ක පවුල් 4,900 ක් සඳහා දැනටමත් ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දී අවසන්ය.
දෙවන අදියර යටතේ දිස්ත්‍රික්ක 05 ක හඳුනාගත් සුදුසුකම්ලත් පවුල් 6,600 ක් සඳහා ඉහළ නැංවූ රුපියල් 200,000 ක උපරිම සීමාව යටතේ ප්‍රදාන ලබාදීමට සැලසුම් කර තිබේ.
වැඩසටහනේ පසුබිම
ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ මූල්‍යාධාර යටතේ අස්වැසුම පවුල් සවිබල ගැන්වීමේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025 ඔක්තෝබර් 13 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.
ඒ යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මඟින් පවුල් 8,660 ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දී එම අදියර මේ වන විට සාර්ථකව අවසන් කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.