Swipe left or right to navigate stories
අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝග කළේය.

අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ නිවුන් සහෝදරිය මෙන්ම, මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමා මහත්මියට මීට පෙර තිබූ නඩුවක ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී සිටි අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ, එම ඇපකාරභාවයෙන් ඉවත් වීම සඳහා පවරා තිබූ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.



කරුණු ඉදිරිපත් නොකිරීම

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇපකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සහ ඊට අදාළව කිසිදු කරුණක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

කපිල චන්ද්‍රසේනගේ මරණය සහ සාක්ෂි දීම

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටියදී හමුවී තිබුණේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසිනි.

ඒ සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා මහතා පසුගිය මැයි මාසයේ 12 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි ලබා දුන් අතර පසුව ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක මහත්මියද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබිණි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem